relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       

Monday, September 12, 2011

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටේස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට


සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටේස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. 


පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පස්වන දිනය වන අද වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 317ක් රැස් කර ගෙන සිටියේය. 


එහි දී තරංග පරණවිතාන , කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය. 


ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබා ගත්තේ ලකුණු 174ක් පමණි.  පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 411ක් රැස් කර ගත්තේය. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූ අතර තරගාවලිය 1ට බින්දුවක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් සිටියි.දෙරට අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 16 වැනිදා කොළඹ දී ආරම්භ වේ. 

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ නව පුහුණුකරු මාෂ් ?


හිටපු ඔස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරුවකු වූ ජෙෆ් මාෂ්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ මීළඟ පුහුණුකරු ලෙස පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


මාෂ්  ඕස්ටේ‍්‍රලියානු පිලේ පුහුණුකරුවකු ලෙස ද කලක් කටයුතු කළේය.


වර්තමානයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රොමේෂ් රත්නායකය.
ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය මගින් ඔහුගේ සේවය තවදුරටත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බැවින් මෙලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව පුහුණුකරුවකු සොයා ගැනීමට සිදුව තිබේ. ක‍්‍රිකට් කවුන්සිලය මගින් ඔහුගේ සේවය තවදුරටත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බැවින් මෙලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව පුහුණුකරුවකු සොයා ගැනීමට සිදුව තිබේ. පත්වීමට නියමිතව ඇතැයි සඳහන් වන ජෙෆ් මාෂ්, තමාගේ පුතා වන ෂෝන් මාෂ් සහභාගි වනු ලබන මංගල ටෙස්ට් තරගය නැරඹීම සඳහා මේ දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඒ අතරතුරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන බලධාරීන් ඔහු සමගින් මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.


මෙහිදී ජෙෆ් මාෂ්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් නැරඹීම සඳහා ද අවස්ථා කිහිපයකදී ගොස් තිබෙන බවත් පැවසේ.


1999 වසරේ ලෝක කුසලාන දිනා ගත් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලද ජෙෆ් මාෂ්, ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ලෙස ද පසුව සිම්බාබ්වේ පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ. පසුගිය ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ පූනේ වෝරියර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේ ද මාෂ්ය. හිටපු දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරුවකු වූ ග‍්‍රැහැම් ෆෝඞ්ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර අපේක්ෂාවෙන් පසුවන බව මේ අතර වාර්තා වේ.


මේවන විට එංගලන්තයේ ප‍්‍රාන්ත කණ්ඩායමක් වන මිඞ්ල්සෙක්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහුට තවත් එම ධූරයේ කොන්ත‍්‍රාත්තුව අවසන්වීමට තවත් මාස 6 ක කාලයක් ඉතිරිව තිබේ.


ඒ අනුව ඔහුගේ පැමිණීම අවදානම් බව පැවසේ. මීට අමතරව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සෙවණැලි පුහුණුකරු ලෙස කටයුතු කරන ලද චන්දික හතුරුසිංහ සහ එම වකවානුවේම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන ලද පෝල් ෆෙබ‍්‍රස් ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය අපේක්ෂාවෙන් පසුවෙතැයි සඳහන් වේ.

Thursday, September 8, 2011

ශී‍්‍ර ලංකාව 174 කට දැවී යයි, ඕස්ටේ‍්‍රලියාව කිසිවකු නොදැවී 60


ශී‍්‍ර ලංකාව සහ  ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 174 කට දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 58 ක් ලබා ගත් අතර කුමාර් සංගක්කාර ලකුණු 48 ක් ලබා දැවී ගියේය.  


ශී‍්‍ර ලංකා පිල ‍රැස් කළ ලකුණු 174 ට පිළිතුරු වශයෙන් පන්දුවට පහර දෙන  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු දිනයේ කී‍්‍රඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 60 ක් ලබා සිටියේය.

උපාලිට ගාල්ල හොඳ වේ


ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ දී පැවති ශ‍්‍රී ලංකාව හා  ඕස්ටේ‍්‍රලියාව අතර පළමු ටෙස්ට් තරගය සඳහා සකස් කර තිබූ තණතීරුව අනතුරුදායක නොවූ බව ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.


”මගේ අදහසට අනුව එම තණතීරූව අනතුරුදායක එකක් නොවෙයි. කිසිම කෙනෙකුට තුවාළ සිදුවුණේ නැහැ,’’ ලෙස පවසා ඇති ධර්මදාස මහතා මෙහිදී ශ‍්‍රී ලංකාවේ මහේල ජයවර්ධන ලකුණු 105 ක් ද  ඕස්ටේ‍්‍රලියාවේ මයික් හසී ලකුණු 95ක් ද රැුස් කළ බවත් පැවැසීය.


මෙම තණතීරුවේ ලකුණු 800ක් පමණ රැස්කිරීමට පිතිකරුවන් සමත් වූ බව වැඩිදුරටත් පවසන ඔහු, තණතීරුව දෙපිලටම අභියෝගයක් එල්ල කළ බව පවසයි.


කෙසේ වෙතත් මේ වන විට, ගාල්ල කී‍්‍රඩාංගනයේ වියළි තණතීරුව පිළිබඳව කරුණු දක්වන ලෙස ජාත්‍යන්තර කි‍්‍රිකට් කවුන්සිලය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට නියෝග කර ඇත.


අයි.සී.සී. තරග තීරක කි‍්‍රස් බ්‍රෝඩ් විසින් ගාල්ල පිටියේ තණතීරුව ’බාල’ ලෙස නිල වශයෙන් සඳහන් කිරීමත් සමග නිවේදනයක් නිකුත් කරන අයි.සී.සී. ය මෙම නියෝගය කර ඇත.


මෙම කරුණු දැක්වීම හා තරගේ වීිඩියෝ දර්ශන ඇතුළු සියළු සාක්‍ෂි අයි.සී.සී. තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාගේ විමර්ශනයට යොමු වීමෙන් පසුව මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට


ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 


අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ටී.එම් ඩිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන්නට තීරණය කර තිබේ.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More