හිටපු ඔස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරුවකු වූ ජෙෆ් මාෂ්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ මීළඟ පුහුණුකරු ලෙස පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මාෂ් ඕස්ටේ‍්‍රලියානු පිලේ පුහුණුකරුවකු ලෙස ද කලක් කටයුතු කළේය.
වර්තමානයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රොමේෂ් රත්නායකය.
ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය මගින් ඔහුගේ සේවය තවදුරටත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බැවින් මෙලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව පුහුණුකරුවකු සොයා ගැනීමට සිදුව තිබේ. ක‍්‍රිකට් කවුන්සිලය මගින් ඔහුගේ සේවය තවදුරටත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බැවින් මෙලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව පුහුණුකරුවකු සොයා ගැනීමට සිදුව තිබේ. පත්වීමට නියමිතව ඇතැයි සඳහන් වන ජෙෆ් මාෂ්, තමාගේ පුතා වන ෂෝන් මාෂ් සහභාගි වනු ලබන මංගල ටෙස්ට් තරගය නැරඹීම සඳහා මේ දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඒ අතරතුරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන බලධාරීන් ඔහු සමගින් මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.
මෙහිදී ජෙෆ් මාෂ්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් නැරඹීම සඳහා ද අවස්ථා කිහිපයකදී ගොස් තිබෙන බවත් පැවසේ.
1999 වසරේ ලෝක කුසලාන දිනා ගත් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලද ජෙෆ් මාෂ්, ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ලෙස ද පසුව සිම්බාබ්වේ පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ. පසුගිය ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ පූනේ වෝරියර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේ ද මාෂ්ය. හිටපු දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරුවකු වූ ග‍්‍රැහැම් ෆෝඞ්ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර අපේක්ෂාවෙන් පසුවන බව මේ අතර වාර්තා වේ.
මේවන විට එංගලන්තයේ ප‍්‍රාන්ත කණ්ඩායමක් වන මිඞ්ල්සෙක්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහුට තවත් එම ධූරයේ කොන්ත‍්‍රාත්තුව අවසන්වීමට තවත් මාස 6 ක කාලයක් ඉතිරිව තිබේ.
ඒ අනුව ඔහුගේ පැමිණීම අවදානම් බව පැවසේ. මීට අමතරව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සෙවණැලි පුහුණුකරු ලෙස කටයුතු කරන ලද චන්දික හතුරුසිංහ සහ එම වකවානුවේම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන ලද පෝල් ෆෙබ‍්‍රස් ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය අපේක්ෂාවෙන් පසුවෙතැයි සඳහන් වේ.
0 comments:
Post a Comment