ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ දී පැවති ශ‍්‍රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියාව අතර පළමු ටෙස්ට් තරගය සඳහා සකස් කර තිබූ තණතීරුව අනතුරුදායක නොවූ බව ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.
”මගේ අදහසට අනුව එම තණතීරූව අනතුරුදායක එකක් නොවෙයි. කිසිම කෙනෙකුට තුවාළ සිදුවුණේ නැහැ,’’ ලෙස පවසා ඇති ධර්මදාස මහතා මෙහිදී ශ‍්‍රී ලංකාවේ මහේල ජයවර්ධන ලකුණු 105 ක් ද ඕස්ටේ‍්‍රලියාවේ මයික් හසී ලකුණු 95ක් ද රැුස් කළ බවත් පැවැසීය.
මෙම තණතීරුවේ ලකුණු 800ක් පමණ රැස්කිරීමට පිතිකරුවන් සමත් වූ බව වැඩිදුරටත් පවසන ඔහු, තණතීරුව දෙපිලටම අභියෝගයක් එල්ල කළ බව පවසයි.
කෙසේ වෙතත් මේ වන විට, ගාල්ල කී‍්‍රඩාංගනයේ වියළි තණතීරුව පිළිබඳව කරුණු දක්වන ලෙස ජාත්‍යන්තර කි‍්‍රිකට් කවුන්සිලය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට නියෝග කර ඇත.
අයි.සී.සී. තරග තීරක කි‍්‍රස් බ්‍රෝඩ් විසින් ගාල්ල පිටියේ තණතීරුව ’බාල’ ලෙස නිල වශයෙන් සඳහන් කිරීමත් සමග නිවේදනයක් නිකුත් කරන අයි.සී.සී. ය මෙම නියෝගය කර ඇත.
මෙම කරුණු දැක්වීම හා තරගේ වීිඩියෝ දර්ශන ඇතුළු සියළු සාක්‍ෂි අයි.සී.සී. තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාගේ විමර්ශනයට යොමු වීමෙන් පසුව මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
0 comments:
Post a Comment